විදුලිබල හා බලශක්ති අංශය

Powerවිකල්ප බලශක්ති වැඩසටහන් හරහා ක‍්‍රියාත්මක ව්‍යාපෘතීන්

ව්‍යාපෘතිය

අපේක්‍ෂිත ප‍්‍රතිඵලය

කුඩා ජල විදුලි බලාගාර ඉදිකිරීම සඳහා ආධාර ලබාදීම

ජාතික විදුලි බල පද්ධතියෙන් විදුලිය ලබා ගත නොහැකි ග‍්‍රාමීය ජනතාවට විදුලිය ලබාදීම

පිකෝ හයිඩ්‍රෝ ව්‍යාපෘතිය

ස්වාභාවිකව ගලා යන දිය පහරවල් ප‍්‍රයෝජනයට ගෙන ජාතික විදුලි පද්ධතියෙන් විදුලිය ලබාගැනීමට නොහැකි ග‍්‍රාමීය ජනතාවට බලශක්තිය ලබාදීම

ජීව වායු ව්‍යාපෘතිය

අපතේ යන ද්‍රව්‍ය හා කැලි කසල ප‍්‍රයෝජනයට ගෙන ඉන්ධන නිපදවීම

බලශක්ති සංරක්‍ෂණ වැඩසටහන

බලශක්ති පරිභොජනය පිළබඳව දැනුවත් කිරීම තුලින් විදුලිය නාස්ති වීම අවම කර ගැනීම

බලශක්ති විගණන වැඩසටහන

රජයේ කාර්යාල වල විදුලි බිල අඩුකර ගැනීම

ප්‍රවාහන සේවාවන්

  • බස් නැවතුම්පොල නඩත්තු කිරීම හා ඉදිකිරීම
  • මගී ආවරණ ඉදිකිරීම
  • වේලා සටහන් කුටි ඉදිකිරීම
  • වාහන යෝග්‍යතා සහතික නිකුත් කිරීමට සුදුසු ගරාජ ලියාපදිංච් කිරීම
  • වාහන යෝග්‍යතා සහතික නිකුත්a කිරීමට අදාල රාජකාරී
  • ගරාජ අධීක්ෂණ කටයුතු

මාර්ග සංවර්ධන සේවාවන්

Road Development Servicesමධ්‍යම පළාත් සභාවට අයත් මාර්ග, පාලම්, බෝක්කු ඉදිකිරීම, පුනරුත්තාපනය කිරීම හා නඩත්තු කිරීම ප‍්‍රධාන වගකීම වේ. ඒ අනුව වාර්ෂිකව වෙන්වන ප‍්‍රතිපාදන ප‍්‍රමාණය අනුව ප‍්‍රමුඛතාවය අනුව තෝරා ගත් මාර්ග ගුණාත්මක අයුරින් සංවර්ධනය කිරීම හා විදේශ ආධාර යටතේ විශේෂ මාර්ග සංවර්ධන ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීමද සිදු කරනු ලැබෙ මීට අමතරව වාර්ෂික නඩත්තු වැඩසටහන මගින් ක‍්‍රමවත් වු මාර්ග නඩත්තු ක‍්‍රියාවලියක්ද ක‍්‍රියාත්මක වේ.

මාර්ග සංවර්ධන වැඩසටහන් සඳහා මාර්ග හදුනාගැනීමේ නිර්ණායක:

  • පළාත් සභාවට අයත් මාර්ගයක් වීම
  • බස්රථ ධාවනය වන මාර්ගයක් වීම
  • දිනකට මාර්ගයෙහි ධාවනය වන රථවාහන ප‍්‍රමාණය
  • දිනකට මාර්ගය භාවිතා කරන පදිකයින් සංඛ්‍යාව
  • ප‍්‍රදේශ කිහිපයක් යා කරන විශේෂිත මාර්ග
  • පාසල්, කර්මාන්තශාලා හා පොදු ස්ථාන සඳහා පිවිසෙන මාර්ග
  • මාර්ගයන්හී වර්ථමාන තත්ත්වය

නිවාස සංවර්ධන සේවාවන්

Housing Development Servicesමධ්‍යම පළාත තුල වෙසෙන ඉතා දිළිදු පවුල් සඳහා ස්ථීර නිවසක් ඉදිකර ගැනීම සඳහා ද්‍රව්‍ය හා මුල්‍ය ආධාර ලබා දීම.

ක‍්‍රියාත්මක වැඩසටහන්

  1. ඇස්බැස්ටෝස් ෂීට් ආධාර ලබාදීමේ වැඩසටහන
  2. රු. 50,000/- නිවාස ණය ආධාර ලබාදීමේ වැඩසටහන

රු. 50,000/- නිවාස ණය ආධාර ඉල්ලුම් කිරීම සඳහා අවශ්‍ය සුදුසුකම්

  • ණය ඉල්ලුම්කරු අදාල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ස්ථීර පදිංචිකරුවකු වීම
  • වයස අවුරුදු 18 ට නොඅඩු හා අවුරුදු 55 ට නොවැඩි අයකු වීම( රජයේ ස්ථීර සේවක ඇප 02 ක් ඉදිරිපත් කළ හැකිනම් උපරිම වයස් සීමාව අදාල නොවේ)
  • ණය ඉල්ලුම්කරු විවාහකයෙකු නොවන විට ඔහු පවුලේ භාරකාරීත්වය හිමි පුද්ගලයා වීම (ප‍්‍රාදේශීය ලේකම් අනු අතුසන් කල ග‍්‍රාම නිලධාරී සහතිකයකින් ඒ බව තහවුරු කළ යුතුයි)
  • සමෘද්ධිලාභියෙකු හෝ අඩු ආදායම්ලාභියෙකු වීම(එහෙත් මාසික වාරිකය හා ණය පොළිය ගෙවීමට හැකියාවක් තිබිය යුතුයි)
  • ණය ලබාගැනීමට අදාල නිවස පිහිටි ඉඩම ණය ඉල්ලුම්කරුට හෝ ඔහුගේ පවුල් ඒකකයට අයිති එකක් විය යුතුයි
  • නිවාස ඉදිකිරීමට අදාල ඉඩම රජයේ ඉඩමක් නම් වසර 05 කට වැඩි කාලයක් ණය ඉල්ලුම්කරු එය භුක්ති විදින බව හා අනාගතයේ ඔහුට අයිතිය ලබාදීමට බාධාවක් නොමැති බව ප‍්‍රාදේශීය ලේකම් අනු අත්සන් කල ග‍්‍රාම නිලධාරී සහතිකයකින් තහවුරු කළ යුතුයි
  • වෙනත් අයකු සතු පෞද්ගලික ඉඩමක් නම් ණය ලබාගෙන ඉදිකරනු ලබන නිවසට අදාල බිම් කොටස ණය ලාභියාට ලබාදෙන බවට ඉඩම් හිමියාගෙන් ලබාගත් ලිපියක් ග‍්‍රාම නිලධාරී සහතික කර ඉදිරිපත් කළ යුතුයි.

 

ඇස්බැස්ටෝස් ෂීට් ආධාර ඉල්ලුම් කිරීම සඳහා අවශ්‍ය සුදුසුකම්

  • අදාල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ස්ථීර පදිංචි අයෙකු වීම
  • සමෘද්ධිලාභී/මහජන ආධාරලාභී/ අඩු ආදායම්ලාභී/ ඉතා දිළිදු අයෙකු වීම
  • විවාහ හෝ වැන්දඹු දරුවන් සිටින පවුල් ඒකකයක් වීම
  • අලුතින් ඉදිකරමින් තිබෙන නිවසේ වහලයට සෙවිල්ලක් අවශ්‍ය හෝ පදිංචි නිවසේ වහලට ස්ථීර සෙවිල්ලක් නොමැති වීම
  • මීට පෙර වෙනත් මෙවැනි ආධාරයක් ලැබු අයෙකු නොවීම.

මාර්ග සංවර්ධනය

Central Province Road Development ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාත් සභාවට අයත් මාර්ග, පාලම්, බෝක්කු ඉදිකිරීම, පුනරුත්තාපනය කිරීම හා නඩත්තු කිරීම

විදුලිබල හා බලශක්ති සංවර්ධනය

alternative power and energy ජාතික විදුලි පද්ධතියෙන් විදුලිය ලබාගැනීමට නොහැකි ග‍්‍රාමීය ජනතාවට විකල්ප විදුලිබලය හා බලශක්ති ලබාදීම

නිවාස සංවර්ධන සේවාවන්

housing_construction services මධ්‍යම පළාත තුල වෙසෙන ඉතා දිළිදු පවුල් සඳහා ස්ථීර නිවසක් ඉදිකර ගැනීම සඳහා ද්‍රව්‍ය හා මුල්‍ය ආධාර ලබා දෙනු ලැබේ

අපගේ ලිපිනය

Reach us අංක 109, ‍යටිනුවර වීදිය
මහනුවර
ශ්‍රී ලංකාව