නිවාස සංවර්ධන සේවාවන්

Housing Development Servicesමධ්‍යම පළාත තුල වෙසෙන ඉතා දිළිදු පවුල් සඳහා ස්ථීර නිවසක් ඉදිකර ගැනීම සඳහා ද්‍රව්‍ය හා මුල්‍ය ආධාර ලබා දීම.

ක‍්‍රියාත්මක වැඩසටහන්

  1. ඇස්බැස්ටෝස් ෂීට් ආධාර ලබාදීමේ වැඩසටහන
  2. රු. 50,000/- නිවාස ණය ආධාර ලබාදීමේ වැඩසටහන

රු. 50,000/- නිවාස ණය ආධාර ඉල්ලුම් කිරීම සඳහා අවශ්‍ය සුදුසුකම්

  • ණය ඉල්ලුම්කරු අදාල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ස්ථීර පදිංචිකරුවකු වීම
  • වයස අවුරුදු 18 ට නොඅඩු හා අවුරුදු 55 ට නොවැඩි අයකු වීම( රජයේ ස්ථීර සේවක ඇප 02 ක් ඉදිරිපත් කළ හැකිනම් උපරිම වයස් සීමාව අදාල නොවේ)
  • ණය ඉල්ලුම්කරු විවාහකයෙකු නොවන විට ඔහු පවුලේ භාරකාරීත්වය හිමි පුද්ගලයා වීම (ප‍්‍රාදේශීය ලේකම් අනු අතුසන් කල ග‍්‍රාම නිලධාරී සහතිකයකින් ඒ බව තහවුරු කළ යුතුයි)
  • සමෘද්ධිලාභියෙකු හෝ අඩු ආදායම්ලාභියෙකු වීම(එහෙත් මාසික වාරිකය හා ණය පොළිය ගෙවීමට හැකියාවක් තිබිය යුතුයි)
  • ණය ලබාගැනීමට අදාල නිවස පිහිටි ඉඩම ණය ඉල්ලුම්කරුට හෝ ඔහුගේ පවුල් ඒකකයට අයිති එකක් විය යුතුයි
  • නිවාස ඉදිකිරීමට අදාල ඉඩම රජයේ ඉඩමක් නම් වසර 05 කට වැඩි කාලයක් ණය ඉල්ලුම්කරු එය භුක්ති විදින බව හා අනාගතයේ ඔහුට අයිතිය ලබාදීමට බාධාවක් නොමැති බව ප‍්‍රාදේශීය ලේකම් අනු අත්සන් කල ග‍්‍රාම නිලධාරී සහතිකයකින් තහවුරු කළ යුතුයි
  • වෙනත් අයකු සතු පෞද්ගලික ඉඩමක් නම් ණය ලබාගෙන ඉදිකරනු ලබන නිවසට අදාල බිම් කොටස ණය ලාභියාට ලබාදෙන බවට ඉඩම් හිමියාගෙන් ලබාගත් ලිපියක් ග‍්‍රාම නිලධාරී සහතික කර ඉදිරිපත් කළ යුතුයි.

 

ඇස්බැස්ටෝස් ෂීට් ආධාර ඉල්ලුම් කිරීම සඳහා අවශ්‍ය සුදුසුකම්

  • අදාල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ස්ථීර පදිංචි අයෙකු වීම
  • සමෘද්ධිලාභී/මහජන ආධාරලාභී/ අඩු ආදායම්ලාභී/ ඉතා දිළිදු අයෙකු වීම
  • විවාහ හෝ වැන්දඹු දරුවන් සිටින පවුල් ඒකකයක් වීම
  • අලුතින් ඉදිකරමින් තිබෙන නිවසේ වහලයට සෙවිල්ලක් අවශ්‍ය හෝ පදිංචි නිවසේ වහලට ස්ථීර සෙවිල්ලක් නොමැති වීම
  • මීට පෙර වෙනත් මෙවැනි ආධාරයක් ලැබු අයෙකු නොවීම.

Related Articles

මාර්ග සංවර්ධනය

Central Province Road Development ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාත් සභාවට අයත් මාර්ග, පාලම්, බෝක්කු ඉදිකිරීම, පුනරුත්තාපනය කිරීම හා නඩත්තු කිරීම

විදුලිබල හා බලශක්ති සංවර්ධනය

alternative power and energy ජාතික විදුලි පද්ධතියෙන් විදුලිය ලබාගැනීමට නොහැකි ග‍්‍රාමීය ජනතාවට විකල්ප විදුලිබලය හා බලශක්ති ලබාදීම

නිවාස සංවර්ධන සේවාවන්

housing_construction services මධ්‍යම පළාත තුල වෙසෙන ඉතා දිළිදු පවුල් සඳහා ස්ථීර නිවසක් ඉදිකර ගැනීම සඳහා ද්‍රව්‍ය හා මුල්‍ය ආධාර ලබා දෙනු ලැබේ

අපගේ ලිපිනය

Reach us අංක 109, ‍යටිනුවර වීදිය
මහනුවර
ශ්‍රී ලංකාව